Face Book එකට තවත් අයිතිකාරියක්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන් දෙවන වරටත් පියෙකු වූ බව සඳහන් කරමින් විශේෂ සටහනක් මුහුණුපොතට එක්කර තිබේ.

එහිදී ඔහු තම බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ගත් ජායාරූපයක් ද එක්කර ඇති අතර පළමු දියණිය අලුත උපන් දියණිය සමඟ සෙල්ලම් කරන ආකාරය එහි දැක්වේ.

තම දෙවන දියණියගේ උපත ගැන සඳහන් කරමින් සකර්බර්ග් විශේෂ සටහනක් තබා ඇති එයින් මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චෑන් සිය අලුත උපන් දියණියට පවසා ඇත්තේ තම ළමාකාලය අලුත් පරම්පරාවේ දරුදැරියන්ගේ ළමා කාලය මෙන් ෆේස් බුක් වැනි නවීන තාක්ෂණය සමග නාස්ති කිරීමට වග බලානොගන්නා ලෙසය.

ඕගස්ට් ලෙස නම් කර ඇති තම දියණිය වෙත විවෘත ලිපියක් මගින් එළිමහනේ ක්‍රීඩා කිරීමේ වැදගත්කම පිළිබඳව එහි කරුණු පැහැදිලි කර ඇත.

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලයේ නිර්මාතෘ වන සක්බර්බර්ග් සහ ඔහුගේ බිරිඳ චෑන් විසින් ප්‍රකාශ කරන ලද මෙම හැඟුම්බර පණිවිඩයෙන් ඕගස්ට් හට පවසා ඇත්තේ තම ළමාකාලය තම අවට පරිසරයේ ගහ කොළ මල් වල සුවඳ සමග ගත කිරීමට අවස්ථාව සලසා ගන්නා බවටයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × one =