‘හාවි’ චණ්ඩ මාරුතයෙන් මිය ගිය ගණන 20 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට බලපා ඇති හාවි චණ්ඩ මාරුතයෙන් මිය ගිය පුද්ගලයන් ගණන 20 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයටය. පෝර්ට් ආතර් හා බියුමවුන්ට් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටව පවතින බව ද සදහන් වේ.

එසේම තවදුරටත් අධික වැසි ලැබීම හේතුවෙන් ජන ජීවිතය අඩාලව ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයේ පුද්ගලයින් තිස් දෙදහසක් අවතැන් කඳවුරුවල රඳවා තිබේ.

සහන කටයුතු සඳහා දස දහසක සහන සේවකයන් යොදවා ඇති අතර තවත් දාහතර දහසක පිරිසක් ටෙක්සාස් ප්‍රාන්තයට පිටත්කර හැර ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 13 =