(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා අද (31) අත්සන් තබා ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබු පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ සංශෝධන පනත් කෙටුම්පත කථානායකවරයාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිසම වෙත බාරදිය යුතුය.
අද දිනයේ දී කථානායකවරයාගේ අත්සන හිමි වීමත් සමඟ මැතිවරණ කොමිසම විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත් කරනු ඇත.