මයික්‍රොමැක්ස් නවතම ස්මාර්ට්ෆෝනය දැන් ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) – මයික්‍රොමැක්ස් ඉන්ෆොමැටික්ස් ලිමිටඩ් සිය නිෂ්පාදන තවත් ශක්තිමත් කරමින් කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දෙන ලදි.

2012 වර්ෂයේ ඉන්දියානු ස්මාර්ට් ෆෝන් වෙළෙදපොළ තුළ පෙරලියක් කළ මධ්‍යම මාදිලියේ ස්මාර්ට් ෆෝන් කාණ්ඩය ඉලක්ක කර ගෙන හදුන්වාදුන් මෙම ස්මාර්ට් ෆෝනය 2017 වර්ෂයේ දී තවත් පියවරක් ඉදිරියට තබමින් කැන්වස් 2 ෆෝනය හදුන්වාදෙනු ලැබීය.

උසස් ක්‍රියාකාරිත්වය සහ නිර්මාණාත්මක හැඩය මනාව එක් කර නිපදවා ඇති නව කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය රුපියල් 19,990ක  මිල ගණන් යටතේ Gorilla ග්ලාස් 5 සමගින් හදුන්වාදුන් ප්‍රථම ස්මාර්ට් ෆෝනය වේ. Corning සමග ඇති කර ගත් මෙම උපායමාර්ගික සම්බන්ධතාවය ස්මාර්ට් ෆෝන් භාවිතය වේගයෙන් වර්ධනය කරමින් නවතම මාදිලියේ සුවිශේෂී දුරකථන වෙළෙදපොළට හදුන්වාදීමට සහාය වේ.

2017 කැන්වස් 2 මාදිලිය සමග මයික්‍රොමැක්ස් සිය පාරීභෝගිකයන් සදහා ඇදහිය නොහැකි අත්දැකීමක් සහ තවත් බොහෝ උපාංග රැසක් පිරිනැමීමට අදහස් කරයි.

ඉන්දියාව, රුසියාව, ශ්‍රී ලංකාව, මැදපෙරදිග, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු මයික්‍රොමැක්ස් ක්‍රියාත්මකවන ප්‍රධාන වෙළෙදපොළවල් සියල්ලේම පාරීභෝගිකයන්ගේ පිළිගැනීම කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය වෙත ලැඛෙනු ඇතැයි මයික්‍රොමැක්ස් අපේක්ෂා කරයි. මෙම ස්මාර්ට් ෆෝනය දැනටමත් ඉන්දියාවේ සහ මැදපෙරදිග වෙළෙදපොළවල් සදහා හදුන්වා දී ඇති අතර එම වෙළෙදපොළවල්වලින් මෙම ෆෝනය සදහා ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇත.

කැන්වස් 2 ෆෝනය හදුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මයික්‍රොමැක්ස් හී ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී සහ උපසභාපති සමීර් කාකර් මහතා මෙසේ පැවසුවේ ය. “ශ්‍රී ලංකාව මයික්‍රොමැක්ස්හි ප්‍රධාන වෙළෙදපොළවල්වලින් එකක් වන අතර මෙම වෙළෙදපොළ තුළ අපි විශාල සන්නම් නාම හිමිකමක් අත්විදින්නෙමු. 2013 වසරේ සිට ශ්‍රී ලංකා වෙළෙදපොළට අපගේ නිෂ්පාදන හදුන්වාදුන් අතර එය ශ්‍රී ලාංකීය පාරීභෝගිකයන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම සදහා අපිට සහාය වූ අතර ඒ නිසාම මෙම වෙළෙදපොළ සදහා සුවිශේෂි නිෂ්පාදන අපි හදුන්වාදුන්නෙමු. නවතම ස්මාර්ට් ෆෝන් මාදිලි හදුන්වාදීම තුළින් ශ්‍රී ලාංකීය පාරීභෝගිකයන් සමග පවත්නා සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට අපි අදහස් කරන අතර කැන්වස් 2 එහි ප්‍රථම පියවර වේ. ස්මාර්ට් ෆෝන් සම්බන්ධයෙන් වූ පාරීභෝගික අත්දැකීම නව මාවතකට යොමු කළ 2012 වසරේ හදුන්වාදුන් කැන්වස් මාදිලියේ ස්මාර්ට් ෆෝන් අතරින් කැන්වස් 2 එවැනි පළමු ස්මාර්ට් ෆෝනය වේ. නවතම කැන්වස් 2 2017 ස්මාර්ට් ෆෝනය සහ එමගින් පිරිනමන නවතම ස්මාර්ට් ෆෝන් අත්දැකීම අපි ඉතාමත් ආඩම්බරයෙන් ශ්‍රී ලංකා වෙළෙදපොළට හදුන්වාදෙන්නෙමු.”

මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ සංජීව ආරියරත්නම් මහතා මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකීය ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළ වේගයෙන් පරිණත වෙමින් කල් පිරෙන අතර  අතර ගනුදෙනුකරුවන් තම මුදල් සඳහා වැඩිවටිනාකමක් ඉල්ලා සිටියි. නැවත වරක් මයික්‍රොමැක්ස් සමාගම වෙළඳපොලේ  විශාල නම්වලින් ඇති ස්මාර්ට් ජංගම දුරකථන සමග තරඟ කල හැකි විශිෂ්ටතම ස්මාර්ට් ජංගම දුරකථනයක අත්දැකීමක් ලබා දීමට සමත් වී ඇත.  මයික්‍රොමැක්ස් කැන්වස් 2 ශ්‍රී ලාංකීය වෙළඳපොළට හදුන්වාදීමට හැකි වීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත්වෙනවා. අප විශ්වාස කරනවා අපගේ පුළුල් අලෙවි නියෝජිත සේවා ජාලය සමඟ මයික්‍රොමැක්ස් කැන්වස් 2, දිවයින පුරා විසිරී සිටින ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින් හට යෝග්‍යතම තෝරා ගැනීමක අත්දැකීම් ලබා දීමට හැකියාව පවතනවා” යනුවෙන් සදහන් කළේය.

Corning® Gorilla® ග්ලාස් 5 වලින් සැකසූ 2.5 D ග්ලාස් ආවරණයකින් යුත් කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය බිම වැටීමකදී පවා අනෙකුත් ග්ලාස්වලට වඩා හතර ගුණයකින් වැඩි ක්‍රියාකාරිත්වයක් ලබා දේ. බිම වැටීමකදී පවා හොද ක්‍රියාකාරිත්වයක් ලබා දිය හැකි පරිදි සකස් කර ඇති මෙම ස්මාර්ට් ෆෝනය ශක්තිමත් අතර ඉහළ තත්ත්වයෙන් යුත් දර්ශනයක් පිරිනමයි. මෙහි ස්ක්‍රීනය හානි වීමෙන් වළකාලයි.

කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය දැන් නවතම Android Nougat සමගින් පැමිණේ. නව පරම්පරාවේ පාරිභෝගිකයන් බහු තිර සහාය, නොටිෆිකේෂන් පැනලය හරහා ප්‍රතිචාර සහ ක්ෂිණික සෙටින් සදහා කැමැත්තක් දක්වයි.

රහස් අංක සහ අගුල්පද අමතක කරන්න. කැන්වස් 2 ස්මාර්ට් ෆෝනයේ 360 degree ඇගිලිමුද්‍ර හදුනාගැනීමේ සෙන්සරයට ස්තූතිවන්ත වන්න දැන් කැන්වස් 2 ස්පර්ශ කිරරීමෙන් අන්ලොක් කරන්න.

කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය පැය 11 පමණ කාලයක් ක්‍රියාත්මකව තැබිය හැකි ශක්තිමත් බැටරියක් සමග පැමිණෙන බැවින් දැන් කිසිවිට දුරකථන ඇමතුම් අතරමග විසන්ධි කිරීමට හෝ තමන් කැමති සිංදුව වැඩි වාර ගණනක් නැවත නැවත ඇසිම නැවතිය යුතු නොවේ.

කැන්වස් 2 ස්මාර්ට් ෆෝනය සෑම සුවිශේෂි සිදු වීමක්ම මනාව හසු කර ගත හැකි 13 MP පසුපස කැමරාවකින් සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *