යුද හමුදාව – ජගත් ජයසුරියගේ යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ හිටපු යුද හමුදාපතිවරයාට එරෙහිව නගා ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට මෙවැනි චෝදනා මීට ඉහතදී ද එල්ලවූ නමුත් යුද හමුදාව ඒවා ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටියේය.

බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු අමෙරිකා මානව හිමිකම් සංවිධානයක් මගින් යුද අපරාධ චෝදනා එල්ල කර ඇති බව මාධ්‍ය මගීන් වාර්තා කර තිබේ.

බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් නඩු පැවරීම සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම් දීමක් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

එසේම බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ දෙවසරක නිල කාලය මේවන විට අවසන්ව ඇති බව විදේශ අමාත්‍යංශය පැවසීය.

සේවා කාලය අවසන් වීමත් සමඟ ජගත් ජයසූරිය මහතා ඊයේ යළි දිවයිනට පැමිණ තිබේ.

ජෙනරාල් ජගත් ජයසූරිය මහතා බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට 2015 වසරේදී පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද ශ්‍රී ලංකා තානාපති ධූරයේ රාජකාරි ඉටුකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *