රතුපස්වල සිදුවීම: බ්‍රිගේඩියර් අනුර දේශප්‍රියට ඇප

(කොළඹ, ලංකාපුවත්) –2013 වසරේ රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිදුවීමට සැකකරු වු බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතාට ඇප හිමිව ඇත.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(31) මෙම නියෝගය ලබා දී තිබේ.

කර්මාන්ත ශාලාවක අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජලයට වස විස මුසුවීම නිසා විරෝධය පළ කළ රතුපස්වල ජනයාට වෙඩිතබන්නට අණ දුන් බව කියන බ්‍රිගේඩයර් අනුර දේශප්‍රිය ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනි. ඒ ඉකුත් මැයි මස 25වනදාය.

2013 අගෝස්තු 01වනදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 5 =