ඉන්දියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 07ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

පුද්ගලයින්25කට අධික පිරිසක් එහි සුන්බුන් අතර සිර වී සිටින බව ද වාර්තා වේ.

භෙන්දි බසාර් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටී තිබේ. එය වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවට විශ්වාස කෙරේ.

මෝසම් වර්ෂාව සමග ඉන්දියාවේ මෙවැනි අනතුරු සුලබව සිදුවන බව සදහන්ය. දුර්වල ඉදිකිරීම් සහ ගොඩනැගිලි අබලන් තත්ත්වයේ පැවතීමද ඊට හේතු වී තිබේ. මෙම ගොඩනැගිල්ල තුළ පවුල් 09ක් ජීවත් වී ඇතැයි ද සදහන් වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *