අමෙරිකාවෙන් රුසියාවට නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ අනවශ්‍ය ක්‍රියාකළාපයන් හේතුවෙන් සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ ඊට අයත් සෙසු කාර්යාල වසා දමන මෙන් නියෝග කළ බව අමෙරිකාව සදහන් කරයි.

ඒ අනුව හෙට වන විට සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි රුසියානු කොන්සල් කාර්යාලය සහ ඊට අයත් නිව්යෝර්ක් සහ වොෂින්ටන් නගර වල පිහිටි කාර්යාල ද වසා දැමිය යුතු බව වාර්තා වේ.

රුසියාව එහි සිටින අමෙරිකානු නිලධාරීන් අඩුකරන මෙන් අමෙරිකාවට කරන ලද නියෝගයට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *