(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාල භාවිතය වෙනුවෙන් මෙතෙක් අය කෙරුණු සියයට 10ක විදුලි සංදේශ බද්ද අද(01) සිට ඉවත් කෙරේ.
සියලූ අන්තර්ජාල සේවා සැපයුම් ආයතන දැනටමත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
සේවා සැපයුම් සමාගම් අමතර සියට දහයක් ඩේටා එකතු කිරීමට එකඟ වූ බවද අමාත්‍යවරයා සදහන් කළේය.
අඩු පිරිවැයකින් පහසුවෙන් අන්තර්ජාලය භාවිත කිරීමට මේ නිසා ග්‍රාහකයින්ට හැකියාව ලැබේ.