පොලිතින් තහනම් කළ ගැසට් නිවේදනය එයි

(කොළඹ, ලංකාපුවත්) – මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය රජය විසින් අද (01) නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත

ඒ අනුව අද (01) සිට දේශීය භාවිතය සඳහා ප‍්‍රසාරික පොලිස්ටයරින් යොදා ගනිමින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප හා හැඳ නිපදවීමද තහනම් වනු ඇත. එමෙන්ම එම ද්‍රව්‍ය අලෙවිය, අලෙවිය සඳහා ප‍්‍රදර්ශනය කිරීම, නොමිලේ ලබාදීම හෝ භාවිතය ද තහනම් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + twelve =