සේවා නියුක්තකයන්ගේ භාර අරමුදලේ මෙහෙයුම් කටයුතු නව තාක්ෂණික ක්‍රමයකට

(කොළඹ, ලංකාපුවත්) – සේවා නියුක්තකයන්ගේ භාර අරමුදලේ මෙහෙයුම් කටයුතු නව තාක්ෂණික ක්‍රමවේද අනුව ඉටු කිරීමේ ව්‍යාපෘතියක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එහි ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සේවා නියුක්තකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මෙරට වැඩ කරන කම්කරු ජනතාව වෙනුවෙන් සේවා සපයන ප්‍රමුඛ සමාජ ආරක්ෂණ අරමුදලකි.

ලක්ෂ 26කට අධික සාමාජික සංඛ්‍යාවකට මෙමගින් ප්‍රතිලාභ සලසේ.

වඩා ඵලදායී සේවාවක් සැපයීම සදහා පූර්ණ ප්‍රතිනිර්මාණ වැඩපිළිවෙළක් නවක්‍රමවේද යටතේ සකස් කිරීමට මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා මහතා සැලසුම් කර තිබුණි. මෙහෙයුම් කටයුතුවලදි නවීන තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව සේවා නියුක්තකයන්ගේ භාර අරමුදල ‘ඉන්ස්පෙක්ෂන් සිස්ටම් ඇප්ලිකේෂන්’ හෙවත් ඊඅයිඑස්ඒ ව්‍යාපෘතිය යටතේ නව ක්‍රමවේදය ආරම්භ කෙරුණි.

මුදල් අමාත්‍යාංශයේ සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යාධාර සහ උපදේශන සහායද මේ සදහා ලැබී තිබේ.

මෙහෙයුම් කාර්ය මණ්ඩලය සදහා ටැබ් යන්ත්‍ර ලබාදීම ද මෙහිදී සිදු කෙරුණි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා මහතා ද එක් ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *