හජ්ජි නිසා කල් ගිය විභාග පැවැත්වෙන්නේ මෙලෙසයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් හෙට (02) දිනට යෙදී ඇති ඊ දුල් අල් හා හෙවත් හජ්ජි උත්සවය නිමිත්තෙන් කල් දමා තිබේ.

ඒ අනුව හෙට පැවැත්වීමට විෂයන් දෙකක එනම්, උසස් පෙළ – සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය විභාග සැප්තැම්බර් 04වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

තැපැල් තැපැල්සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විභාග කොමසාරිස්වරයා වෙත දන්වනු ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. පුෂ්පකුමාර මහතා පැවසීය.

ඒ සඳහා විභාග අපේක්ෂකයන් වෙත නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර‍ හතරවැනිදාටද වලංගු බව විභාග කොමසාරිස්වරයා සදහන් කළේය.

පහත දූරකථන අංකවලින් ගැටලු ඇති නම් විමසීම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව- 0112784508/011278453 /0113188350/0113140314
ක්ෂණික ඇමතුම් අංකය – 1911

Leave a Reply

Your email address will not be published. Required fields are marked *