ඉන්දියාවට ලකුණු 168 ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරගයෙන් ලකුණු 168 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 375 ක් ලබා ගත්තේය.

ඒ අනුව අසීරු ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 42යි බෝල 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 207 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 70 ක් හා මිලින්ද සිරිවර්ධන ලකුණු 39 ක් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *