ඉන්දීය සාගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පූර්ණ සහයෝගය – ඉන්දීය විදේශ ඇමතිනී

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු සාගරයේ ආරක්ෂාව, සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ අද(01) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ය.

ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කෙරෙන ‘’ඉන්දීය සාගර සමුළුව – 2017’’ ඊයේ(31) ආරම්භ විය. ඊට සහභාගී වීම සදහා ඇය මේ දිනවල දිවයිනට පැමිණ සිටි.

ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාවේ දර්ශනය වී ඇත්තේ එකමුතුව ආරක්ෂා කර ගනිමින් සහයෝගයෙන් කටයුතු කිරීම බවත් ඉන්දියාව තම අසල්වැසියන්ට ඒ බව සහතික කරන බවත් ඇය කියා සිටියාය.

දැනට පවතින සහ යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය මෙහිදී අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ආර්ථික හා සමාජීය අවශ්‍යතාවන් පිළිබඳව දෙරටට මනා අවබෝධයක් ඇති බැවින් ඔවුන්ට සම්බන්ධ ඕනෑම ගැටළුවක් විසඳා ගත හැකි බව ද මෙහිදී සදහන් කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *