බටුගෙදර මාරක රිය අනතුරින් 03ක් එතැනම – 06කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – රත්නපුර, බටුගෙදර හන්දිය ආසලදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනකු තුවාල ලැබීය.

ඊයේ(31) රාත්‍රී 11.50ට පමණ අම්පාර දෙස සිට කොළඹ බලා ගමන් කළ කාර් රථයක් සහ කොළඹ දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් කාර් රථයේ ගමන් කළ එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක එම ස්ථාන යේ දී ම මියගොස් ඇතැ යි රත්නපුර පොලිසිය පැවසීය. මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 45හැවිරිදි සහ 80 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු සහ 60 හැවිරිදි කාන්තාවකි.

අනතුරින් තුවාල ලැබූ එම පවුලේ ම කාන්තාවක හා කැබ් රථයේ ගමන් කළ පුද්ගලයින් 05දෙනෙකු රත්නපුර රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *