2017 ඡන්ද හිමි නාමලේඛනයේ නම නැත්නම් දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – 2017 ඡන්ද හිමි නාමලේඛනය තුළ තම නම ඇතුළත් වී නොමැති නම් සැප්තැම්බර් 06 වන දිනට පෙර වහාම මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසම පවසයි.

තමාට අදාළ ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් හෝ ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.slelections.gov.lk පිවිස ඡන්ද හිමි නාමලේඛනයට තමා ඇතුළත් වී ඇත්දැයි දැන ගත හැකිය.

තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර අදාළ ග්‍රාම නිලධාරී වසම සඳහන් කිරීම මඟින් වෙබ් අඩවියේ අදාළ තොරතුරු පත්‍රය දිස් වේ.

එසේ පරික්‍ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුලත් වී නොමැති නම් හෝ අදාළ නොවන වෙනත් කොටස් නමට ඇතුලත් වී ඇත්නම් තහවුරු කළ හැකි ලේඛන වල පිටපත් ද සහිතව අදාළ දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමෙන් එම අඩුපාඩුව නිවැරදි කර ගත හැකි බව පැෆරල් සංවිධානය සදහන් කරයි.

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත්‍රය සම්බූර්ණ කර භාරදීමට නොහැකි වූයේ නම් 2017 සැප්තැම්බර් 06 දක්නා කාලය තුළ සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත්‍රයක් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාර දීමට කටයුතු කරන ලෙස ද දැනුම් දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *