ඉදිරි දින දෙකේ වැස්ස වැඩියෙන්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. විශේෂයෙන් හෙට(05) සහ අනිද්දා (06) මෙම තත්ත්වය බලාපොරොත්තු වේ.

එසේම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂිතය.

මේ අතර හෙට(05) දහවල් 12.09ට දකුණු පයාගල, මතුගම, ලත්පඳුර, දෙල්වල, තිමිරිගහමංකඩ, කුඩා – ඔය, කිරිබද්දන හෙළ සහ කුමන යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

සැප්තැම්බර් 06වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්‍ෂාංශවලට ඍජුවම ඉහළින් සූර්යා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *