(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයින් මධ්‍යස්ථානයෙන් හා ඉන් පිටතදී කලබලකාරී ලෙස හැසිරුණහොත් නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා පවසයි.
ඒ අනුව සිසුන් කලබලකාරී ලෙස හැසිරුනොත් පොලිස් අත්අඩංගුවට පත් කිරීම හා මෙම විභායේ සියලුම ප්‍රතිඵල අවලංගු කිරීමට කටයුතු කරන බව ඒ මහතා අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර ඇත. එමෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සියලුම ශාලාධිපතිවරුන් වෙත නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දූරකතන අංකවලින් විමසීම් සිදු කළ හැකිය.
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112784208, 0112784537/0113188350/0113140314
ෆැක්ස් අංකය – 0112784422