ඕමානයේ රිය පැදවිමේ නව ක්‍රමයට තහංචි

(කොළඹ, ලංකාපුවත්) – අත් දෙක හැර පාද, දණහිස් සහ ශරීරයේ වෙන යම් කොටසක් භාවිතායෙන් රිය පැදවිම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමේ වරදක් ලෙස ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය කර ඇත.

ඕමාන රාජ්‍ය තුල එලෙස රිය ධාවනය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත්ව තිබේ.

ඕමානයේ බොහෝ තරුණයින් මෝටර් රථ පාද වලින් පැදවිමට පහසු වන අන්දමින් රියදුරු අසුන් වෙනස් කර ඇත.

පාද වලින් රිය ධාවනය කරන අවස්ථාවේදී නිදාගැනීම, යහළුවන් සමඟ විනෝද ක්‍රීඩාවන් වල නිරත වීම, සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසීම සහ ජංගම දුරකථන භාවිතා කිරීම වැනි ක්‍රියාවන් වල නිරත වීමට පහසුවන අන්දමින් මෙලෙස රියදුරු අසුන වෙනස් කර තිබෙන බව ඕමාන් රාජකීය පොලීසිය පෙන්වා දෙයි.

මාර්ගයේ ගමන් කරන්නන් සහ රිය ධාවනය කරන පුද්ගලයාද අපරීක්ෂාකාරීව රිය ධාවනයෙන් ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් වීමට ඉඩ ඇති බව පොලිසිය පවසයි.

වාර්තමාන තත්වය අර්බුදයක් බැවින් එවැනි ක්‍රියා කිරීමට ඉඩ ලබා නොදෙන බව ඕමාන් රාජකීය පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *