ජාතික ගුවන් විදුලිය යූටියුබ් ගීත ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –යූටියුබ් හරහා මුදා හැර ඇති නව ගීත ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව ” YouTube හරහා මුදා හැර ඇති ඔබගේ අලුත් සින්දු ජාතික ගුවන්විදුලිය වෙත එවන්න. CityFM 89.6, 89.8″ යනුවෙන් ඔහු ඇරයුමක් කර සිටියි.

[email protected] හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයන්ට අදාළ ගීත යොමු කළ හැකිය.

ඉකුත් ජුනි 20වනදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරමින් සේවක පිරිස ඇමතූ සුදර්ශන ගුණවර්ධන සභාපතිවරයා ප්‍රකාශ කළේ ”පළමු වරට එවරස්ට් කන්ද තරණය කළ සර් එඩ්මන්ඩ් හිලරි ඉන් අනතුරුව තම කෙටි තරංග ගුවන් විදුලිය ක්‍රියාත්මක කොට සඞඝා ලැබේදැයි විමසා තිබෙනවා. ඒ අවස්ථාවේ ඔහුට ශ්වණය වුණු එකම ගුවන් විදුලිය වූයේ ”රේඩියෝ සිලෝන්” හෙවත් ලංකා ගුවන් විදුලියයි. එදා එවරස්ට් කඳු මුදුන්ට ඇසුණු ලංකා ගුවන් විදුලිය නැවතත් එවන් ඉහළ ස්ථානයකට ඔසවා තබන්නට මාට සියළු දෙනාගේම සහයෝගය ලැබෙතැයි අපේක්ෂා කරනවා” යැයි කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =