නයිරෝබි හි පාසල් නේවාසිගාරයක ගින්නකින් ගැහැණු දරුවන් 7ක් ජීවිතක්‍ෂයට

(කොළඹ, ලංකාපුවත්) – කෙන්යාවේ නයිරෝබි හි පාසල් නේවාසිගාරයක ගින්නකින් ගැහැණු දරුවන් හත් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

නයිරෝබි හි උසස් පාසලක කාන්තා නේවාසිකාගාරයක ගින්න ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙම ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැත. මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා පාසල සති දෙකක කාලයකට වසා දැමීමට එරට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත.

පාසල අවට ප්‍රදේශයේ පොලිස් ආරක්‍ෂාව ද යොදා ඇති බව වාර්තා වේ.

2001 වසරේ මාර්තු මාසයේදී ද කෙන්යාවේ උසස් පාසලක ඇති වූ ගින්නකින් සිසුන් 67 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 8 =