යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් මිලියන හත් දහසක වෙළෙදපොළක්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වීම සහ ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම තුළින් ශ්‍රී ලංකාවට මිලියන හත්දහසක වෙළෙදපොළක් විවෘත වූ බව අමාත්‍ය දයා ගමගේ මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාකරුවන් සමග පැවති හමුවකදී ය.

වියළි කාලගුණය හේතුවෙන් ඉස්සන් වගා කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇති බවත් වර්ෂාවත් සමග ඒ තත්වය මගහැරී යන බවත් අමාත්‍යවරයා වගාකරුවන්ට කියා සිටියේය.

විශේෂ පොලී ක්‍රමයක් යටතේ ඔවුන්ට බැංකු ණය ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. අනතුරුව දයා ගමගේ මහතා ඉස්සන් පොකුණු නිරීක්ෂණයට ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *