රජයේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල අද එළි දැක්වේ

(කොළඹ, ලංකාපුවත්) –රජය ඉදිරි වසර තුනේදී ක්‍රියාත්මක කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ අද(04) එළි දැක්වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ‘‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’’ එහි තේමාව වේ.

අද පස්වරු 03.00ට කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙය පැවැත්වේ.

2020 දක්වා සංවර්ධන යුගය ලෙස නම් කරමින්, සකස් කර ඇති මේ ආර්ථික වැඩපිළිවෙළේ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ කාන්තාවන්ටය.

රටේ ආර්ථිකය වැඩි වශයෙන් බලාත්මක කරන්නේ කාන්තාවන් බැවින්, ඔවුන්ගේ ආර්ථික ව්‍යුහය ඉහළට ගෙනඒම අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =