විස්ස ඒකමතිකව උතුරේදී පරදී

(කොළඹ, ලංකාපුවත්) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උතුරු පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියළු දෙනාගේ ඒකමතික කැමැත්ත මත පරාජයට පත් විය.

උතුරු පළාත් සභාවට අද(04) පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ‍ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වය ප්‍රකාශ කළහ.

උතුරු පළාත් සභා සභාපති සි.වි‍.කේ.ශිවඥානම් මහතා විසින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේය.

පාලක දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් හා විපක්ෂය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ද පනතට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *