කළුතරට ගංවතුර අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින වර්ෂාවත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ යළි ගංවතුර හා නාය යාමේ අවදානමක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ කුකුලේගඟ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශ ඇතුළු ස්ථාන කීපයකටම ඊයේ (03) මිලිමීටර් සියය ඉක්මවා වර්ෂාවක් ලැබීමත් සමග දිස්ත්‍රික්කයේ ගංගා සියල්ල ඊයේ සවස වනවිට පිටාර මට්ටමට පැමිණ තිබිණි.

විශේෂයෙන් පවතින වර්ෂාවත් සමඟ බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට සහ මිල්ලනිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව ප්‍රාදේශීය ලේකම්වරු කීහ.

කඳු ආශ්‍රිත සහ ගංගා අසල පදිංචි ජනතාවට දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දන්වයි. කුකුලේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවුවහොත් ඊට ප්‍රථම දැනුම් දීමට පියවර ගන්නා බවද බලාගාරය පහළ ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් කුකුලේගඟ බලාගාරයේ නිලධාරියෙකු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *