ප්‍රංශයේ සංගීත සංදර්ශනයක සිදු වු අකුණු අනතුරකින් 15 දෙනෙකුට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඊසාන දිග ප්‍රංශයේ සංගීත සංදර්ශනයක් අතරතුර සිදු වු අකුණු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇත.

සංගීත සංදර්ශනය පැවති අසරේල්ස් ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයකම මෙලෙස අකුණු අනතුරු සිදු වී ඇති බව ප්‍රංශ බලධාරින් ප්‍රකාශ කළේය.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන්ද සිටින බව වාර්තා වේ.

තුවාල ලැබුවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව එරට ආරංචි මාර්ග සදහන් කළේය.

මෙම තත්වයත් සමග අදාළ ප්‍රසංගය නතර කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *