ඉන්දීය මාධ්‍යවේදිනී ගෞරි ලංකේෂ් ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මුල් පෙළේ මාධ්‍යවේදිනයක වූ ගෞරි ලංකේෂ් මහත්මියව ඊයේ (05) ඝාතනය කර තිබේ.

බැංගලෝරයේ පිහිටි ඇයගේ නිවස ඉදිරිපිට ඇය වෙඩි තබා මරා දමා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ගෞරි ලංකේෂ් ඉන්දියාවේ දැඩි ආගමික වාදයට එරෙහිව සටන් කළ මාධ්‍යවේදිනියකි. හින්දු අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඇයගේ වාර්තා මගින් දැඩි විවේචනයට ලක් විය. මේ හේතුවෙන් ගෞරි බරපතල තර්ජනවලට ගොදුරුවී සිටි බව වාර්තා වේ.

දැඩි මතධාරීන් ඇයට එරෙහිව අපහාස නඩු පවරා තිබුණි.

යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙකු ඇයට ඊයේ සවස වෙඩි තබා තිබුණු බව වාර්තා වේ.

ගෞරිගේ හිසට සහ පපුවට වෙඩි වැදී තිබූ බව පොලීසිය ප්‍රකාශ කර තිබේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂන පැවැත්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *