ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස අද

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (06) පැවැත්වේ.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වෙනු ඇත. දෙරට මෙවර තරගාවලියේ මේ දක්වා පැවති සියලූ තරගවල ජය හිමිවුයේ ඉන්දීය කණ්ඩායමටය.

ටෙස්ට් තරගාවලිය 3 ට බින්දුවක් ලෙසත් එක්දින තරගාවලිය 5 ට බින්දුවක් ලෙසත් ඉන්දීය කණ්ඩායම ජයගනු ලැබීය.

එසේම දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්සයි විස්ස තරග දහයෙන් හයක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. ශී‍්‍ර ලංකාව ඉතිරි තරග 4 ජයගෙන තිබේ.

ආර් පේ‍්‍රමදාස පිටියේ ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව මීට පෙර සහභාගි වී ඇත්තේ එක් පන්දුවාර විස්සයි විස්ස තරගයකට පමණි. එය ශී‍්‍ර ලංකාවේ පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය වන අතර 2009 වසරේ දී එය පැවැත්වුණි. එහිදී කඩුලු 3 ක ජයක් හිමි වුයේ ඉන්දියාවටය.

අද තරගය පැවැත්වෙන ආර් පේ‍්‍රමදාස පිටියේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ පසුගිය තරග 13 න් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 2 ක් පමණි. ඉන්දියාව තරග 6 ක් කී‍්‍රඩා කර ඉන් 5 ක්ම ජයගෙන තිබේ.

නවතම පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව පස්වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *