එජාපය 71 වන සංවත්සරය ලබන 10වනදා සමරයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය අදට(06) යෙදී තිබේ. සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 10 වැනිදා සවස 3.00ට රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ ආරම්භ කළේ 1946 සැප්තැම්බර් 6 වැනි දිනයි. ඒ සඳහා මූලිකත්වය ගත් මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව, නිදහස් රටක් බවට පත්කර ගැනීමට මූලික වූයේ ද ඩී එස් සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය වේ.

ඉන් පසු 1952, 1960, 1977 සහ 1988 වර්ෂවල පැවති මහමැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය බලයට පත්විය. ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඩී.බී විජේතුංග එක්සත් ජාතික පක්ෂයේ කීර්තිමත් නායකයින් වේ.

978 දී ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක ජේ ආර් ජයවර්ධන මහතා ප්‍රමුඛ රජය මෙරට සිදුවු වැදගත්ව සමාජ, ආර්ථික සහ දේශපාලන විප්ලවය සිදු කරන ලදි. වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය බාරගත්තේ 1994 වසරේ දී ය.

ඔහු පක්ෂයේ 7 වැනි නායකයා වේ. අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුන දුන් නායකයෙකු ලෙස දැඩි කැපවීමක් කරමින් පක්ෂය ජයග්‍රහණ අතරට රැගෙන එන්නට ඔහු සමත්ව තිබේ. මෙරට දේශපාලනයේ ප්‍රථමවරට විසම්මතිවාදය බැහැර කොට සම්මුතිවාදයට ගරු කරන වත්මන් යහපාලන රජය බිහිකිරීමට වික්‍රමසිංහ මහතා ලබා දුන්නේ අද්විතීය නායකත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =