‘ඉර්මා’ෆ්ලෝරිඩා දෙසට

(කොළඹ, ලංකාපුවත්) – ‘ඉර්මා’ නමැති සුළි කුණාටුව දශකයකින් පසු අත්ලාන්තික් සාගරයේ හටගත් දරුණුතම චණ්ඩමාරුතය බවට පත්ව තිබේ.

එය අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තය දෙසට ඇඳී එනු ඇතැයි විශ්වාසය කෙරේ. ඉර්මා සුළි කුණාටුව අංක පහේ, එනම් දරුණුතම ගණයේ චණ්ඩ මාරුතයක් බවට පත්ව ඇතැයි කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලැබේ.

කුණාටුව තුළ භ්‍රමණය වන සුළගේ වේගය පැයට කිලෝ මීටර 295 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් කාණාටුව ඉදිරියට ගමන් කරන්නේ පැයට කිලෝ මීටර 24ක වේගයෙනි. කැරිබියානු මුහුදේ පිහිටි ලීවර්ඩ්ස් දූපත් කුණාටුවට මුහුණ දෙන පළමුවැනි ගොඩබිම් තීරය වේ.

හයිටි දේශය ද කුණාටුවේ බලපෑමට ලක්වනු ඇතැයි විශ්වාස කෙරේ. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙසට රජය දැනුම් දෙයි. කුණුටාව පැමිණීමට පෙරාතුව සියලු ගුවන් ගමන් අත්හිටුවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මෙය සතියක් තුළ අමෙරිකාව මුහුණ දෙන දෙවැනි දරුණු සුළි කුණාටුව වේ. පසුගිය මස අවසානයේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය හරහා හමාගිය හාවී සුළි කුණාටුවෙන් 38 දෙනෙක් මිය ගිය අතර, ලක්ෂයකට අධික පිරිසක් අවතැන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *