අර්ජුන් ඇලෝසියස් ජනාධිපති කොමිසමේ CIDයට එයි

(කොළඹ, ලංකාපුවත්) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදිම සඳහා කොමිසම වෙත පැමිණෙන ලෙස ඔහුට කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබුණි.

ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොමැති බව මීට පෙර නිළධාරින් කොමිසම වෙත ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඊයේ(06) ඇලෝසියස් මහතාගේ නීතිඥයින් මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදු කර තිබූණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 4 =