ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් සදහා විශ්‍රාම දීමනා

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සදහා විශ්‍රාම දීමනා ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ප්‍රථම විශ්‍රාම ලාභීන් 40 දෙනා වෙත චෙක්පත් හා සහතිකපත් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

කලාකරුවන්ගේ සුබසාධනය සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිඛෙන අතර ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා ජනාධිපතිතුමා විසින් පසුගියදා රුපියල් ලක්ෂ 250 ක මුදලක් ද ලබා දෙන ලදී.

පසුගිය වසර දෙක හමාර තුළ කලාකරුවන්ගේ රෝගී තත්ත්වයන්, අභාවයන් ඇතුථ සියලූ අවස්ථාවල ලබාදියයුතු දායකත්වය ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළ අතර, සිය හැකියාවන් සහ දක්ෂතාවයන් තුළින් දැයක් රසවත් කළ කලාකරුවන්ට නිසි වටිනාකමක් සහ ඇගයීමක් ලබාදෙමින් කලාකරුවන්ගේ ජීවිතයේ සැදෑ සමය ශෝකාන්තයක්වීමට ඉඩ නොතබා ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ගතයුතු සියලූ පියවර ගැනීමට වත්මන් රජය පසුබට නොවන බවද ජනාධිපතිතුමා නිරන්තරයෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ, භාණ්ඩාගාරික රොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු එහි සමාජික සාමාජිකාවන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *