පරාජයන්ට හේතුව ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීමයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලැබූ පරාජයන්ට හේතුව ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු නික් පෝතාස් මහතා කියා සිටියි.

දෙරට අතර පැවති ටෙස්ට් එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගාවලි සියල්ලේදීම ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

අදාළ පසුබෑමට හේතුව ක්‍රීඩකයින් විස්සකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් ආබාධවලින් පෙළීම බව පුහුණුකරු නික් පෝතාස් මහතා පැවසීය.

ඉන්දියාව සමග පැවැති පන්දුවාර 20-20 තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේ ය.

ශරීරයට ඔරොත්තු නොදෙන වැඩ ධාරිතාවක් සිදු කිරීම ආබාධයන්ට හේතුව බවත් පුහුණුකරු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දියුණු වෙමින් සිටින ක්‍රිකට් කණ්ඩායමක් බවත් ඉන්දීය කණ්ඩායම සියලු අතින්ම දියුණුවට පත්වූ කණ්ඩායමක් බවත් ඔහු සදහන් කළේය. විශේෂයෙන් ඉන්දීය නායක විරාට් කෝලිගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝ තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =