මිනිස් ජාවාරම් වෙළදාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් කලාපයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය වසර කිහිපය තුළ මිනිස් ජාවාරම් වෙළදාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි ශ්‍රී ලංකාව අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්වයකට පත් කර  තිබීම ජාත්‍යන්තර වශයෙන් ලැබු ජයග්‍රහණයක් බව ධිකරණ හා විදේශ රැකියා කටයුතු ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

එම තත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැපවී කටයුතු කළ යුතු බව ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ මිනිස් ජාවාරම් වෙළදාම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරිම සම්බන්ධයෙන්  අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවකට ඊයේ(06) එක්වෙමිනි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු ඇමතිනිය මෙසේ ද පැවසුවාය.

පසුගිය වසර අටක් දහයක් තිස්සේ අපේ රට මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න රුසකට මුහුණ දී සිටියා.පසුගිය වසරේ අධිකරණ අමාත්‍යාංශය යටතේ මිනිස් ජාවාරම සම්බන්ධ කාර්ය සාධක බලකාය මෙන්ම සියලු ආයතන එක්ව එම තත්වයෙන් මිදීමට අපිට හැකි වුණා.ඒ සදහා විදේශ රැකියා අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වැඩ සටහන් රාශියක් දියත් කළා . විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ අපි නීති රීතී ඇති කළා.විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැනුවත්වීම් සිදු කළා.විදේශ රැකියා සදහා යවන ශ්‍රමිකයින්ගේ පුහුණුවීම් විධිමත් කළා .පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කළ බව ද ඇමතිනීය සදහන් කළාය.

මේ සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිට දෙවන පෙළ දක්වා උසස් කළා . ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිටියා නම් අපේ රටට විවිධ සම්බාධක පැනවීමේ අවධානමක් ද පැවතුණා.එම තත්වයෙන් නිදහස්වීම නිසාම අපේ රටට ජාත්‍යන්තර වශයෙන් වාසි රැසක් අත් වුණා.මේ සදහා ඕස්ට්‍රේලියානු රජය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රටවල් අපේ රටට සහයෝගය ලබා දුන්නා .මේ දෙවන මට්ටම ලබා ගැනීම සදහා අපි පසුගිය වසර තුළ සාමුහිකව විශාල කැප කිරිමක් කලා එය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි . විශේෂයෙන් ම අවදානම් කලාපයෙන් ඉවත් වීම මගින් ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම වෙළද ගිවිසුම් අත්සන් කිරීම සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට හේතු වෙන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ මෙන්ම ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය තැනැත්තන් වෙළදාම වැලැක්වීම මැඩලීමේදි මහජනයා දැනුවත් කිරීම සදහා 2015-2019 වසර දක්වා විශේෂිත සැළැස්මක් ක්‍රියාවට නංවා තිබේ.තැනැත්තන් වෙළදාම අවම කිරීම සම්බන්ධයෙන් සහායවීම නඩු කටයුතු පැවරීම සහ වැඩිදුර තොරතුරු සැපයීම සම්බන්ධයෙන් වු අන්තර්ජාතික සංවිධානය විසින් ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව ඕනෑම තැනැත්තෙකුට 0766588688 යන දුරකථන අංකයට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකිය.

තැනැත්තන් වෙළදාම මැඩලීම පිළිබදව මහ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය සදහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළද දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දී තිබේ.මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ශ්‍රී ලංකාවේ පිහිටි සංක්‍රමණිකයින් සම්බන්ධව අන්තර්ජාතික සංවිධානයේ [email protected] විද්්‍යුත් ලිපිනයෙන් හෝ 0115325300 දරණ දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 4 =