රටක සංවර්ධනයට නවෝත්පාදන අත්‍යවශ්‍ය යි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රටක සංවර්ධනය සඳහා නවෝත්පාදන අත්‍යවශ්‍ය සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වසර 2030 වන විට අප රට සංවර්ධනයෙන් ඉහළට ගෙන ඒම සඳහා වැඩි වශයෙන් නවෝත්පාදන හඳුන්වාදිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශය සිව්වන වරටත් සංවිධාන කළ විදුලි හා විද්‍යුත් පර්යේෂණ ව්‍යාපෘති සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එය පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි දී ය.

දේශීයව ඇති ඉංජිනේරුමය ගැටලුවලට මෙම සමුළුව තුළින් පිළිතුරු ලබා දීම අපේක්ෂාව වේ.

විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටි කිහිපයක් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිරීක්ෂණය කළා. අනතුරුව උත්සවයේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා. . . .

“රටක් දියුණු වෙන්න නම් නවෝත්පාදන සිදුකළ යුතුම වනවා. ලෝකයේ ප්‍රබල රටවල් වන ඇමෙරිකාව, චීනය, දකුණු කොරියාව සංවර්ධනය වුණේ නවෝත්පාදන නිසයි. වසර 2030 වන විට ලෝකයේ ප්‍රමුඛයා බවට පත්වන්නට බොහෝ රටවල් බලාගෙන සිටිනවා. අපේ රටේ මෙම ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් සිදුකරන කැපවීම මම අගය කරනවා. ඉදිරියේ දීත් නවෝත්පාදන හා සංවර්ධනය සිදුකරමින් අපේ රට ඉහළ මට්ටමකට ගෙන ඒමට අප කටයුතු කළ යුතුයි. “

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *