වරදකරුවන් වූ ලලිත්ට හා අනූෂට දුන් දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) – 2015 වසරේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර සිල් රෙදි බෙදා දීමේ නඩු තීන්දුව අද(07) ලබා දුන්නේය.

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අදාළ නඩුවට වරදකරුවන් වන බව කොළඹ මහාඅධිකරණය පවසා ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් එය දැනුම් දෙනු ලැබීය.

එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද තුනක් සඳහා අවුරුදු හතරාමාරක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.

එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.

රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =