ශ්‍රී ලංකා පිල ඊයේ තරගයෙන් පොඩි සහනයක් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – තරග 03කින් යුත් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය, තරග 05 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලිය මෙන්ම ඉන්දියාව සමග ඊයේ (06) පැවති පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගයද ශී‍්‍ර ලංකාව ඉතා අවාසනාවන්ත අයුරින් පරාජයට පත් විය.

කෙසේවෙතත් පෙර තරගවලට වඩා වැඩි විශ්වාසයකින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් මෙම තරගයේදී පන්දුවට පහරදුන් බවයි විචාරකයන්ගේ අදහස වේ.

ඊයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 7 ක් දැවී ලකුණු 170 ක් ලබාගත්තාය.

එහිදී වඩාත් කැපී පෙනෙන ඉනිම කී‍්‍රඩා කළේ ඩිල්ෂාන් මුණවීර ය. පන්දු 29 කදි ඔහු ලකුණු 53 ක් ලබාගැනීමට සමත් විය.

මෙම තරගයේදී පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික වරම් දිනාගත් අශාන් පි‍්‍රයන්ජන් නොදැවී ලකුණු 40ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 2කදී කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 174 ක් ලබාගත්තාය. විරාට් කෝලි ලකුණු 82 යි. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මානද ඔහුට හිමි විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *