අර්මා චණ්ඩ මාරුතය නිසා නව දෙනෙකු ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – කැරබියන් දූපත් කලාපය හරහා හමා ගිය අර්මා චණ්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම චණ්ඩ මාරුතයෙන් ඇන්ටිගුවා, බාබුඩා සහ ඇන්ගෝලා යන දූපත්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණය කර ඇති අර්මා චණ්ඩ මාරුතය පුව ටෝරිකෝ රාජ්‍ය හරහා හමා යමින් පවති. ඉන් එහි ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇත. සුළි කුණාටුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර තවත් කුණාටු දෙකක් වඩාත් ප්‍රචණ්ඩ තත්ත්වයකට පත්වීමට ඉඩ ඇති බව වාර්තා වේ. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් තුන්සියයකට අධික වේගයකින් හමා යන අතර අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයටද ඉන් බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බව කාලගුණ අංශ සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *