කුකුලේගඟ වාන් දොරටු විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අඟලවත්ත, වලල්ලාවිට, පාලින්ද නුවර, ඉංගිරිය සහ බදුරලිය යන ප්‍රදේශවල ජනතාව ජල ගැලීම් තත්ත්වයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

මේ අතර ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150ක පමණ වර්ෂාපතනයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙ සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *