ජනාධිපති පරීක්ෂණ කොමිසම මාස 02කින් දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය සැප්තැම්බර් 03 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස දෙකකින් දීර්ඝ කර ඇත.

අදාළ කොමිසමේ නිල කාලය පසුගිය සැප්තැම්බර් 03 වන දිනෙන් අවසන් වු අතර ඒ සඳහා තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙස කොමිසම විසින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

පසුගිය රජය සමයේ සිදුවු වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *