නව බදු පනත මඟින් ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙනවා – ඇමති මලික්

(කොළඹ, ලංකාපුවත්) – නව දේශීය ආදායම් බදු පනත මඟින් ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසයි.
දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත විවාදයට අද (07) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ආදායම් බදූ පනත වඩාත් යල්පැන ගොස් තිබෙන්නේ. වරින් වර සංශෝධනය කර තිබෙනවා. එය දැන් සංකීර්ණ වී තිබෙනවා. අසාධාරණ තත්ත්වයක් පැන නැගී තිබෙනවා. මෙය බදු ගෙවීමට අසීරු තත්ත්වයක් වුණා. නවීන දෘෂ්ටි කෝණයෙන් බලල සියලු බදු ගෙවන්නන්ට අනුකූල විය හැකි පනතක අවශ්‍යතාවය තිබෙනවා.

මෙහි සෘජු හා වක්‍ර ලෙස පවතිනවා. රජයේ ආදායම පහළ බසිද්දි වියදම ඉහළ ගොස් තිබෙනවා. බදු ආදායම වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපැහැදිළි බදු පනත් නිසා ජනතාවගේ මුදල් නාස්ති වෙනවා.

බදු රැස්කිරීමේ අසමතුලිතතාවය නැති කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ආදායම් බදු අය කිරීම සාධාරණව කරන්න හැකියාවක් ලැබෙනවා. යෝජනා කර තිබෙන පනත යටතේ ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පත ජාත්‍යන්තරයට අනුකූල වූවක්, එය ව්‍යාපාර කටයුතුවලට පහසුකම් ලැබෙනවා. හොඳ සේවයක් බදු ගෙවන්නට ලබාදීමට හැකි වෙනවා. පුන්‍ය ආයතනවලට බදු ඇතුළත් වෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *