ඉර්මා චන්ඩ මාරුතයෙන් කැරබියන් කලාපයේ දූපත් රැසකට හානි

(කොළඹ, ලංකාපුවත්) – ඉර්මා චන්ඩ මාරුතය හේතුවෙන් කැරබියන් කලාපයේ දූපත් රැසකට හානි සිදුව ඇත. හයිටි රාජ්‍යය, ටර්ක්ස් සහ කයිකෝස් දූපත් චන්ඩ මාරුතයට මුහුණදීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

හයිටි රාජ්‍යය ඊට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි. එය ටර්ක්ස් සහ කයිකෝස් දිවයින්වලට ද ඇතුළුවනු ඇති බවට අනතුරු අඟවා ඇත.

ඉර්මා, පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ගීකරණයකර තිබේ.

එහි වේගය පැයට කිලෝමීටර් 290ක් පමණ වේ.

චන්ඩ මාරුතයත් සමඟ එම දූපත්වල මුහුදු රළ අඩි විස්සක් දක්වා ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ පවසයි.

මේ වනවිට ඉන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

දැඩි සුළං හේතුවෙන් බාබුඩා සහ ශාන්ත මාටින් දිවයින්වලට ද හානි සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 11 =