ජල ගැලීම් තත්ත්වය පහව යයි – රත්නපුර පාසල් නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රදේශ කිහිපයකට බලපා තිබූ ජල ගැලීම් තත්ත්වය පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ දිස්ත්‍රික් 04කට පනවා ඇති නායයාම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බවය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස 05ක සියලු පාසල් අද(08) වසා තැබීමට තීරණය කර ඇත. සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහින්ද වීරසූරිය මහතා සදහන් කළේ රත්නපුර, ඇහැලියගොඩ, ඇළපාත, කුරුවිට සහ අයගම යන අධ්‍යාපන කලාපවල පාසල් මෙසේ වසාදමා ඇති බවය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 13 =