තායිලන්තයේ උපදේශයෙන් ශ්‍රී ලංකාවේ පසුඅස්වනු හානිය අවම කරන වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ක්‍රියාත්මක එළවලු පලතුරු වගා ක්‍රමය, අලෙවි ක්‍රමය පිළිබඳව ගොවින්ට හා ව්‍යාපාරිකයන්ට තායිලන්තයේ ගොවීන්ගෙන් දැනුම හුවමාරු කරගන්නා වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (07) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අමාත්‍ය දයා ගමගේ මහතා තායිලන්ත ජාතික කෘෂිකර්ම සමුපකාර සාමාජිකයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ගොවි බිම් වෙළදපල නිරීක්ෂණය කරන අතරතුර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ මෙහි ක්‍රියාවලිය පිළිබඳව තායිලන්ත ජාතිකයෝ දැනුවත් කළහ.

සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකල ඇමති දයා ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිතුමාගේ පසුගිය තායිලන්ත සංචාරයේදී එහි ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව මෙරට හා එරට ගොවි දැනුම බෙදාගෙන ලංකාවේ සාර්ථික එළවලු පලතුරු වගාවක් වෙළදපලක් ඇතිකිරීම මෙහි අරමුණ බවය. එමෙන්ම තායිලන්තයේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඩොලර් මිලියන 700ක් දැනට ආයෝජනය කර තිබෙන බව ප්‍රකාශ කලේය. එමෙන්ම අපනයන ආදායම සියට 50ක් වර්ධනය කර ගැනීම දෙරට අතර වගා තාක්ෂණ හුවමාරු ගිවිසුමක් අත්සන් කිරීම සිදුකරන බව ද පැවසීය.

මීට අමතරව ගොවිපලේ සිට පාරිභෝගිකයා අතට එළවලු පලතුරු පත්වෙද්දී සියට හතලියක ප්‍රමාණයක් අපතේ යන බවත් එරට තාක්ෂනය දැනුම අනුව මෙරට නිෂ්පාදන වියදම අවම කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *