නීති විරෝධී සිගරට් හා මත්පැන් සමඟ චීන්නු දෙන්නෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කොල්ලුපිටිය එඩ්වඩ් පටුමගේදී නීති විරෝධී සිගරට් 14000 ක් හා නීති විරෝධී මත්පැන් ලිටර් 08 ක් සන්තකයේ තබාගෙන සිටිමේ වරදට චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලිස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) රාත්‍රි කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මොවුන් දෙදෙනා අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස්ථානය මගින් සිදුකරනු ලබයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − seven =