මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් 5ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

රිච්ටර් පරිමාණ ඒකක 8.1ක් ලෙස මෙම භූ කම්පනය වාර්තා වී ඇත.

මෙක්සිකෝවේ ගොඩනැගිලි රැසකට මෙමඟින් හානි සිදුවිය.

ගෝතමාලාව, එල් සැල්වදෝර්, කොස්ටාරිකා, නිකරගුවා, පැනමා හා හොන්ඩුරාස් යන රාජ්‍යයන්ට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙය මෙක්සිකෝවෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පනය ලෙස ද සැලකේ.

එසේම දහස් ගණන් පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =