ලලිත් හා අනුෂ බන්ධනාගාර රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් කර, ඊයේ(07) වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, වෛද්‍ය උපදෙස් මත ඔවුන් දෙදෙනා මෙලෙස රෝහල් ගතකළ බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ නීතිපතිවරයා විසින් වන අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පවත්වා මහාධිකරණය හමුවේ ගොනුකළ පළමු නඩුව වන්නේද මෙයයි.

2014 වසරේ ඔක්තෝම්බර් 30 වන දින සහ 2015 ජනවාරි 15 වන දින අතර කාලයේදී අදාළ මුදල විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදීම සඳහා ජනාධිපති ලේකම්වරයා නමින් ඇති ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට එහිදී නීතිපතිවරයා චෝදනා නගා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 1 =