වසර 67කට පසු ධීවර සංස්ථාව ලාභ ලබයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 67ක් තිස්සේ පාඩු ලැබූ ලංකා ධීවර සංස්ථාව මේ වන විට ලාභ ලබමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියි.

වත්මන් රජය පත් කළ නව කළමනාකරණ මණ්ඩලය සාර්ථකව ක්‍රියාත්මක වීම ඊට හේතුව බව අමාත්‍යවරයා සදහන් කළේය.

ලංකා ධීවර සංස්ථාවේ 106 වන අලෙවිසල රාගම දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ධීවර සංස්ථාවේ රෙඩී ටු කුක් නව නිෂ්පාදනය අමාත්‍යවරයා වෙත පිරිනැමීම මෙහිදී සිදුකළේ එම සංස්ථාවේ සභාපති ජගත් පෙරේරා මහතා විසිනි.

නාගරික ජනතාවට පහසුවෙන් මසුන් පිළියෙල කරගැනීම සදහා කුළුබඩු හා තුනපහ සහිතවයි රෙඩී ටු කුක් නව නිෂ්පාදනය සකසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 20 =