සයිටම් කමිටු වාර්තාව 11 වනදා ජනපති අතට

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ගැටළුව විසදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන 11 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට භාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඇතුළු සියලූ පාර්ශ්ව වල කරුණු ඇතුලත් වන පරිදි මෙම වාර්ථාව සකස් කර ඇති බවය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීම සඳහා වන කරුණු ඇතුළත් කර දින දහයක් තුළ වාර්තාවක් ලබාගැනිම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය සතියේ විශේෂ කමිටුවක් පත් කරන ලදී.

නීතිපති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංෂයේ ලේකම් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා එහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *