තත්පර 10ක් වැනි කෙටි කාලයක් තුළ පිළිකාවක් හඳුනාගත හැකි උපකරණයක්

(කොළඹ, ලංකාපුවත්) – තත්පර 10ක් වැනි කෙටි කාලයක් තුළ පිළිකාවක් හඳුනාගත හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට අමෙරිකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් නිෂ්පාදනය කළ මෙම උපකරණය පෑනක් සේ රැගෙන යා හැකිය.

පිළිකා සහිත පටක තත්පර 10ක් තුළ හඳුනාගත හැකි මෙය සැත්කම්වල දී ද ඉතා වැදගත් වේ.

කුඩා පරිගණක තිරයක් මතට මෙම උපකරණයෙන් ලබාගන්නා සියලු තොරතුරු යොමු කෙරෙන අතර ඒ අනුවයි වෛද්‍යවරුන් පිළිකාව පිළිබඳ නිගමනවලට එළඹෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *